
1959 දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සහාය ඇතිව එය ස්ථාපනය කරනු ලැබීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවධාන මහජන සෞඛ්‍ය උපදේශකවරයෙකු හා මහජන සෞඛ්‍යය පිළිබඳ සුදසුකම්ලත් දේශීය වෛද්‍ය නිලධාරිවරයෙකු විසින් වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක කරනු ලැබිණි. එම දේශීය නිලධාරියාව 1961 දී වසංගත රෝග විද්‍යාඥයෙකු ලෙස විධිමත් ලෙස පත් කරන ලදී. කොළඹ 03, චෙල්සී උද්‍යානයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවන් හා වෛද්‍ය සංඛ්‍යා ලේඛන ඒකකය පවත්වාගෙන යනු ලැබූ ගොඩනැගිල්ලේම මෙම ඒකකයද පිහිටුවා තිබුණි.
2013 වර්ෂයේ ගත වූ මාස 4 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 12672 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 41.57% ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 3වන සතිය තුළදීය.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම් අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.
මී උණ යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ සත්වාසාදන රෝගයකි. අප සතු අතීත අත්දැකීම් හා දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මය හා සම්බන්ධ වූවක් බවයි. එබැවින් කුඹුරු අවට ප්‍රදේශය පිරිසිදුව තබා ගන්නා ලෙසත්, වගාවට පෙර පවතින ජලය බැස යැවීමට වග බලා ගත යුතු බවටත් නියර පටුව හා මීගුල් වලින් තොරව තබා ගැනීමටත් වී වගාවේ යෙදී සිටින්නන් උපදෙස් දෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ මෙම රෝගය බෝවීමට වඩාත්ම සුලබ වාහකයා මීයා වන බැවින් මීගුල් විනාශ කිරීම හා කුඹුරු අවටින් මීයන් තුරන් තුරන් කර දැමීම යෝග්‍ය වේ. එමෙන්ම උණ. හිසරදය හා මස්පිඩුවල වේදනාව යන රෝග ලක්ෂණ ඇති වී වගාවේ යෙදෙන පුද්ගලයන්‍වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ. ඔබගේ ප්‍රදේශයෙව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් (MOH) හා මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.

පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...

පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...
Let Sleeping Demons Sleep
| වසංගත රෝග විද්‍යා ඒකකය,සෞඛ්‍ය අමාත්‍යංශය,නො .231, ඩි සේරම් පෙදෙස කොළඹ 10.. දුරකථන : +94-001-2695112, +94-001-2681548 | ෆැක්ස් : +94-001-2696583 ඊ-තැපෑල : chepid@sltnet.lk (ප්‍රධානියා), epidunit@sltnet.lk (වසංගත ඒකකය) |
|
![]() |
|
නිමැවුම සහ සම්බන්ධීකරණය![]() |